Categories

Home Visiting Class

උසස් පෙළ - ආර්ථික විද්‍යාව - A/L 2022 / 2023 / 2024 (සිද්ධාන්ත/පුනරීක්ෂණ) තනි හෝ කණ්ඩායම් පන්ති 071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි) - විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි

Friday, February 22, 2019

පර්යේක්ෂණ ක්‍රමවේදය


පර්යේක්ෂණයක් යනු බුද්ධිමත් ක්‍රියාවලියකි.නව දැනුම ලබා ගැනීමට මෙන්ම ගැටලුවකට විසදුම් ලබා ගැනීමට විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කිරමින් කටයුතු කිරීම පර්යේක්ෂණයක් ලෙස හැදින්විය හැකිය.

දැනුම ලබා ගන්නා ක්‍රම
Ø  අධිකාරී බලය
Ø  අත්දැකීම්
Ø  සම්ප්‍රදාය
Ø  විද්‍යාත්මක ක්‍රමය (තෝරාගත් ගැටළුවක් ආශ්‍රිතව කල්පිතයක් සකස් කර එය ක්‍රමවත් පියවර අනුව පරික්ෂා කර නිගමන වලට එලඹීම)
Ø  උද්ගාමී තර්කනය (ලබා ගන්නා තොරතුරු මත නිගමන වලට එලඹීම)
Ø  නිගාමී තර්කනය (දන්නා දෙයින් නිගමන වලට එලඹීම)

පර්යේක්ෂණයක් යන්නෙහි නිර්වචන
  • Re + Search - නැවත සොයා බැලීම
  • යම් විෂයක් පිළිබද තොරතුරු ඉතා හොදින් විමසීම - මලලසේකර ශබ්දකෝෂය
  • පරීක්ෂණයක් යනු ප්‍රශ්නයකට උත්තර ලබා ගැනීමට උත්සාහ කිරීමයි. - ලැන්ගෙන්බාච් ඇතුළු පිරිස
  • විද්‍යාත්මක ක්‍රමය උපයෝගී කරගෙන නව අදහසක් සොයා ගැනීමට යෙදෙන බලවත් උත්සාහය පරික්ෂාකාරීව සොයා බැලීම - සිධූ 1991


පර්යේක්ෂණ වල ලක්ෂණ
Ø  ගැටලුවකට විසදුමක් ලබා ගැනීමට යොමුවේ.
Ø  නිරීක්ෂණ, අත්දැකීම් හා සම්ප්‍රදායික සාක්ෂි මත පදනම් වීම.
Ø  නිවැරදි නිරීක්ෂණය හා විග්‍රහ කිරීම මත සාර්ථකත්වය රදාපවති.
Ø  පළපුරුද්ද
Ø  ධෛර්යමත් බව

පර්යේක්ෂණ වල ප්‍රයෝජන
v  අධ්‍යාපන තත්වයේ හැසිරීම පිලිබදව විද්‍යාත්මක දියුණුවක් ඇති කරයි.
v  අධ්‍යාපනික ප්‍රශ්න ක්‍රමවත්ව විසදා ගැනීමට උදව් වෙයි.
v  පවත්නා දැනුම සොයා බලයි.
v  පවත්නා තත්වයන් හා ගැටළු විස්තර කරයි.
v  සමාජය පිළිබද ගැටළු විසදා ගැනීම හා නව දැනුම බිහිකිරීම.

පහත දැක්වෙන පාඩම් මාතෘකා හා තවත් විෂය සමගාමී පාඩම් වලට අදාළ සටහන් සිංහලෙන් ලබා ගැනීමට දැන්ම ඔබගේ ජංගම දුරකතනයෙන් Project PlaningMobile Application වෙත Register වන්න.ඔබ දැනටමත් Register වී ඇත්නම් මෙය නොසලකා හරින්න.යථාකාලයේදී ඔබගේ ජංගම දුරකතනයටම අදාළ සටහන් ලැබෙනු ඇත.
Ø  විද්‍යාත්මක ක්‍රමය
Ø  පර්යේක්ෂණ වල සීමා
Ø  පර්යේක්ෂණ ක්‍රියාවලිය
Ø  පර්යේක්ෂණ ක්‍රියාවලියක පියවර
Ø  පර්යේක්ෂණ ක්‍රම
Ø  පර්යේක්ෂණයක සාර්ථකත්වය උදෙසා දත්ත රැස්කිරීමේ ක්‍රම නිවැරදි ලෙස භාවිතා කිරීමේ අවශ්‍යතාවය නියදුම් ක්‍රම භාවිතයෙන්
Ø  දත්ත රැස් කිරීමේ ශිල්ප ක්‍රම

පර්යේක්ෂණ ක්‍රමවේදය






No comments:

Post a Comment