Categories

Home Visiting Class

උසස් පෙළ - ආර්ථික විද්‍යාව - A/L 2022 / 2023 / 2024 (සිද්ධාන්ත/පුනරීක්ෂණ) තනි හෝ කණ්ඩායම් පන්ති 071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි) - විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි

Friday, February 8, 2019

Elementary Econometric in Sinhala

ආර්ථික මිතිය


මෙම ලිපිය ආචාර්ය ඩබ්ලිව්.එම්,සේමසිංහ මහතාගේ “ආර්ථික මිතිය න්‍යාය හා භාවිතය” යන ග්‍රන්ථය පදනම් කරගනිමින් සම්පාදනය කෙරුණකි.



ආර්ථික න්‍යාය හා ආර්ථික මිතිය අතර වෙනස
ආර්ථික න්‍යායෙන් සිදුකරන්නේ යම් යම් උපකල්පන යොදා ගනිමින් ආර්ථික විචල්‍ය අතර සම්බන්ධතාව පිළිබද නීති හෝ කල්පිත වචන භාවිතයෙන් ප්‍රකාශ කිරීමයි. ආර්ථික මිතික පරීක්ෂණ ආරම්භ වන්නේ ආර්ථික න්‍යායෙනි.න්‍යායෙන් ප්‍රකාශ වන සම්බන්ධතාව ගණිතමය සංකේත භාවිතයෙන් ආර්ථික මිතික ආකෘතියක් බවට පරිවර්තනය කෙරේ.


ගණිතමය ආර්ථික විද්‍යාව හා ආර්ථික මිතිය අතර වෙනස
ගණිතමය ආර්ථික විද්‍යාවේ දී විචල්‍ය අතර සම්බන්ධතාවය දැක්වෙන්නේ සපිරි සම්බන්ධතාවයක ආකාරයෙනි.එනම් පරායක්ත විචල්‍යයේ මුළු විචලනයට බලපාන සියලු සාධක සමිකරණයේ ඇතුලත් වන බවත්,එම සාධක වලට අමතරව වෙනත් කිසිදු සාධකයක් පරායක්ත විචල්‍යයේ මුළු විචලනයට බල නොපාන බවත්ය.
උදා - Qx = β0+ β1P
මෙහිදී Qx හි විචලනයට β0 හා β1P යන සාධක පමණක් බලපාන බව සලකයි.
නමුත් ආර්ථික මිතික සමීකරණ වල විශේෂත්වය වන්නේ ශ්‍රිතිය සම්බන්ධතා වලට අදාළ සසම්භාවී සාධක ද සැලකිල්ලට ගනිමින් අනුමානික සම්බන්ධතා ගොඩනැංවීමයි.
උදා - Qx = β0+ β1P+u
u = දෝෂ පදය

සංඛ්‍යානය හා ආර්ථික මිතිය අතර වෙනස
ආර්ථික සංඛ්‍යානයේ මුලික කාර්යය වන්නේ දත්ත රැස් කිරීම,සැකසීම,ප්‍රස්ථාර වගු භාවිතයෙන් ඉදිරිපත් කිරීම හා ප්‍රවණතා විස්තර කිරීමයි.එමෙන්ම ආර්ථික සංඛ්‍යානයේ දී ව්‍යුත්පන්න කරන මිනුම් අදාළ වනුයේ පරික්ෂණාත්මක දත්ත විශ්ලේෂණය කිරීමටයි.නමුත් ආර්ථික මිතියේ දී විශ්ලේෂණය කල යුත්තේ සත්‍ය ලෝකයේ මිනිස් හැසිරීම් නිරීක්ෂණය කරමින් රැස් කරන නිරීක්ෂණාත්මක දත්ත වේ.

සම්පුර්ණ ලිපිය කියවීම සදහා  Econ with Samith”  click කරන්න.

ආර්ථික මිතිය








2 comments:

  1. Do you need a loan? For more information, contact us by email: richardcosmos5@gmail.com

    ඔබේ ණය ගෙවීමට හෝ ඔබේ ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට ලබා ගත හැකි ණයක්? බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන ඔබව ප්‍රතික්ෂේප කර තිබේද? ඔබට ඒකාබද්ධ ණයක් හෝ උකසක් අවශ්‍යද? ඔබගේ සියලු මූල්‍ය ගැටලු අතීතයේ දෙයක් බවට පත් කිරීමට අපි මෙහි සිටිමු. අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය හරහා අප හා සම්බන්ධ වන්න: richardcosmos5@gmail.com

    ReplyDelete