Categories

Home Visiting Class

උසස් පෙළ - ආර්ථික විද්‍යාව - A/L 2022 / 2023 / 2024 (සිද්ධාන්ත/පුනරීක්ෂණ) තනි හෝ කණ්ඩායම් පන්ති 071-7556342 (කොළඹ/ගම්පහ අවට පමණි) - විශ්ව විද්‍යාල සිසුවෙකු විසින් මෙහෙයවයි

Saturday, June 18, 2022

ආතර් ලුවිස්ගේ ද්වි අංශිය ආකෘතිය

 



හැඳින්වීම

සංවර්ධනය යනු සෑම ආර්ථික ක්‍රමයකම මූලික අභිලාශයයි. ඒ අනුව සෑම රටක්ම සංවර්ධන ඉලක්කය වෙත ගමන් කිරීම වෙනුවෙන් විවිධ ආකාරයේ ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබයි. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය මූලිකකොටගත් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමේදී ප්‍රධාන න්‍යායක් ලෙසට මහාචාර්ය ආතර් ලුවිස් විසින් හඳුන්වාදෙන ලද ද්වි ආංශීය ආකෘතිය හඳුන්වාදිය හැකිය. රටක වර්ධනය වන ජනගහනය අදාළ රටේ සංවර්ධනය සඳහා දායක කරගත හැකි ආකාරය පෙන්වාදෙන මෙම න්‍යාය අසීමිත ශ්‍රම සැපයුම පිළිබඳ සංකල්පය ඔස්සේ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය හරහා කාර්මික අංශයේ දියුණුව වෙත ළඟාවිය හැකි ආකාරය පැහැදිලි කෙරේ. ඒ අනුව ආතර් ලුවිස්ගේ ද්වි ආංශීය ආකෘතිය තුළින් පෙන්වාදෙනු ලබන න්‍යායාත්මක තත්ත්වය කුමක්ද එය කොතරම් දුරට ශ්‍රී ලංකාව සඳහා අදාළ වන්නේද යන්න මෙහිදී අධ්‍යයනය කර ඇත. ඔහු තම න්‍යාය ඉදිරිපත් කිරීමේදී ගොඩනගන උපකල්පන ඇතැම් ඒවා තාත්වික තත්ත්වයන් හා ගැළපිය නොහැකි වීම ප්‍රබල දුර්වලතාවයකි. නමුත් මෙම න්‍යාය සම්පූර්ණ අසත්‍යයක් ලෙසට ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නොමැති බවයි.

සංවර්ධනය සහ ඒ පිළිබඳ ඉදිරිපත් වු න්‍යායන්
            සංවර්ධනය යනු, හුදෙක්ම සංකල්පයකි- 19 වන හා 20 වන සියවසේදී ඒ පිළිබඳව නවතම මුහුණුවරයක් ගොඩනැගි ඇති අතර එකල සංවර්ධනය යන්නට නොයෙක් නිර්වචන ඉදිරිපත් වන්නට විය- ආර්ථික වෘද්ධි න්‍යායන් හා යුරෝපීය චින්තනයන් පදනම් කරගනිමින් එලෙස ඇතිවූ නිර්වචන අදටත් ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ නවතම අංගයක් ලෙසින් වර්ධනය වී ඇත- සරලව අර්ථ දැක්වුවහොත් සංවර්ධනය යනු, යම් රටක, ප්‍රදේශීයක හෝ ගෝලීය වශයෙන් පුද්ගලයන්ගේ පවතින තත්ත්වයේ සාමාජීය, ආර්ථික, දේශපාලන අංශවල ඇතිවන යහපත් මෙන්ම ප්‍රමාණාත්මක වර්ධනයකි- ඩඩ්ලි සියර්ස් දක්වනු ලබන්නේ, කිසියම් රටක අසමානතාව, සේවා වියුක්තිය, දුප්පත්කම අඩුවී නම් එකී රටක් සංවර්ධිත රටක් බවයි- එමෙන්ම ඔහු දක්වන්නේ සෑම රටක්ම ජනතාවට ප්‍රමාණවත් ආදායමක්, පවුලේ ශ්‍රමිකයන්ට සුදුසු ජීවනෝපායක්, අධ්‍යාපනය ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථාව, සංවර්ධන ක්‍රියාවලියේ දී ජනතාවට ඒ සඳහා තීරණ ලබාගැනීමට ඉඩදීම සංවර්ධන තත්ත්වයක් ලෙසටයි- අතීතයේ ‘ආර්ථික වෘද්ධිය’ ලෙසින් පමණක් හඳුනාගත් මෙම සංවර්ධනය යන සංකල්පය පැතිකඩ කිහපයක් ඔස්සේ විකාශනය වන බව මින් හඳුනාගත හැකිය.

සංවර්ධනය යන්න විමසිමේදී සංවර්ධන න්‍යායන් කිහිපයක් හඳුනාගත හැකිය- යථාර්ථය පිළිබඳ සාමන්‍යකරණය කිරීම න්‍යායක් ලෙසින් අර්ථ කතනය කරනු ලබන අතර, එහි සත්‍ය හෝ අසත්‍යතාව පිළිබඳ එකහෙළාම ප්‍රකාශ කළ නොහැකිය- න්‍යායන් තුළින් ‘සංවර්ධනය’ යන සංකල්පයට වඩා අර්ථවත් නිර්වචනයක් ලබාදීමට හැකියාව ලැබේ-  මෙහිදී ඉදිරිපත් වූ න්‍යායන් කිහිපයකි.

ද්වි ආංශීය ආකෘතිය
ඩේවිඩ් රිකාඩෝ සංවර්ධන න්‍යාය
ද්විත්ව පරතර න්‍යාය
හැරඩ් ඩූමාගේ වෘද්ධි මාදිලි ආකෘතිය
ඇඩම් ස්මිත්ගේ වර්ධන න්‍යාය

                     කිසියම් සමාජයකට,ස්ථරයකට,කිසියම් කණඩායමකට හෝ ප්‍රදේශයකට සීමා නොවී සමස්ත සමාජයේ සියළු දෙනා අතරට ගිය සමාජ සාධාරණත්වයකින් යුතු මෙහි සංවර්ධනය පිළිබඳ විස්තර කෙරෙන ප්‍රධාන න්‍යායක් ලෙස ‘ද්වි ආංශීය ආකෘතිය’ හඳුනාගත හැක්කේ ඒ තුළීන් ඉතා පැහැදිලිව රටක ජනතාවට සංවර්ධනය බලපාන ආකාරය පැහැදිලිව හඳුනාගත හැකි නිසාවෙනි.

ද්වී ආංශීය ආකෘතිය හඳුනා ගැනීම
                           මෙම ආකෘතිය ඉදිරිපත් කිරීමට පුරෝගාමී වූයේ විලියම් ආතර් ලුවිස් මහතාය. එතුමා 1915 ජනවාරි 23 සාන්ත ලුසියා හි උපත ලබා ප්‍රථම බි්‍රතාන්‍ය කළු ජාතික මහාචාර්යවරයා ලෙස 1948 දී බි්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයට එක්විය. ආර්ථික විද්‍යාව සඳහා කළ වැදගත් මෙහෙවර නිසා 1979 දී නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබීය. 
ආතර් ලුවිස් විසින් ඉදිරිපත් කරන ලද මෙම ආකෘතිය අතිරික්ත ශ්‍රම ආකෘතිය යනුවෙන් ද ලුවිස්  ආකෘතිය යනුවෙන් ද හඳුන්වයි. 1954 දී ඔහු විසින් රචනා කරන ලද Economic development with unlimited supplies of labour  ලිපිය මඟින් අතිරික්ත ශ්‍රම ආකෘතිය විස්තර කරයි. මුලික වශයෙන් මෙය තුළින් විස්තර වනුයේ දියුණු වෙමින් පවතින රටක් සාම්ප්‍රදායික යැපුම් කෘෂිකාර්මික අංශයේ සිට නුතන කාර්මික අංශය දක්වා පරිවර්තනය වන ආකාරයයි. උග්ග ලුවිස් මහතා ප්‍රකාශ කරන ලද්දේ අඩු දියුණු රටවල නිරපේක්ෂ අතිරික්ත ජනගහනයක් පවතින බවත් ශ්‍රමය හා ස්වභාවික සම්පත් ප්‍රමාණවත් තරමින් පැවතියත් ප්‍රාග්ධනය අඩු බවත්ය. එහි දී ප්‍රාග්ධන සම්පාදන කටයුතු වලට ජනගහනය උපයෝගී කරගත හැකි බව තව දුරටත් මෙම න්‍යායෙන් පෙන්වා දෙයි. ආතර් ලුවිස්ගේ මෙම ආකෘතිය සම්භාව්‍ය ආකෘතීන් හා කේන්සියානු ආකෘති වලින් වෙනස් වේ. ලුවිස් ආකෘතියෙන් අතිරික්ත ශ්‍රම සැපයුම පිළිබඳවත් එම අතිරික්ත ශ්‍රමය සංවර්ධනයේ දී උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳවත් න්‍යායානුකූල විග්‍රහයක් ගොඩනගා තිබේ. ඒ තුළින් ශ්‍රමය සංවර්ධනයේ එන්ජිම ලෙස විස්තර කරනු ලැබේ. ආතර් ලුවිස් විසින් ඉදිරිපත් කරන ලද මෙම ආකෘතිය Gustav ranis, John fee (1964) යන ආර්ථික විද්‍යාඥයන් විසින් තවදුරටත් දියුණු කරන ලදි. 
සමස්ථයක් ලෙස ගත් කළ සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය අංශය තුළ අධික ජනගහන වර්ධනය හේතුවෙන් යැපුම් කෘෂි අංශය තුළ සේවා වියුක්ති තත්වයක් වර්ධනය වේ. එම අතිරික්ත ශ්‍රමය කාර්මික අංශය වෙත යොමු කිරීමෙන් ශ්‍රමයේ කාර්යක්ෂමතාව ඇති වී නිෂ්පාදනය ඉහල  යාම තුළින් රටේ සංවර්ධනය වේගවත් වේ. 

No comments:

Post a Comment